පොලිස් ස්ථානාධිපතිවරයෙක් වෙඩි තබා ගෙන මිය යයි - පොලිස් මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්..

Report

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රියංක සිල්වා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ස්ථානාධිපතිවරයාගේ නිල නිවස තුළ තිබියදී මොහුගේ මළ සිරුර හමු වී ඇති අතර ඔහු දෙදරු පියෙක් වේ.

වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පොලිස් ස්ථානාධිපතිවරයා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.