A.S.P. විසින් O.I.C ගේ බිරිඳ පැහැරගෙන යයි..අවසානයේ සිදු වූ දේ.

Police Kalaniya Dalugama Kiribathgoda
By Aruna Jun 03, 2021 01:20 AM GMT
Aruna

Aruna

Report

බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයනේ පරීක්ෂණ පවත්වන බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා රාත්‍රී 9.45ට පමණ ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන යන නුවර මාර්ගයේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර දළුගම කැළණීය ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් එම ස්ථානාධිපතිවරයා සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබේ.

එහිදී දෙපාර්ශ්වය අතර යම් බහින්බස් වීමක් සිදුවී ඇති අතර අදාළ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now