කොළඹ කළ සුපිරි වැඩක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. (PHOTOS)

Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ මගී බස් රථ සේවාවක් ආරම්භ කර ඇත.

මෙය "කොළොම්පුර චාරිකා" නමින් හදුන්වයි.

කොළඹ කළ සුපිරි වැඩක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | A Passenger Bus Service To Colombo

මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරු මහතෙකු, කොන්දොස්තර මහතෙකු හා සේවා සපයන්නෙක් යොදාගැනීමට නියමිත බව සඳහන් වේ.

කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන මුල් අදියරේ දී සංචාරක වළලු හතරක් හඳුන්වා දී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට නියමිතයි.

කොළඹ කළ සුපිරි වැඩක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | A Passenger Bus Service To Colombo

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය බලාපොරොත්තු වන්නේ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමටයි.

කොළඹ කළ සුපිරි වැඩක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | A Passenger Bus Service To Colombo

මෙහිදී විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත්තේ ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයින්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

කොළඹ කළ සුපිරි වැඩක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | A Passenger Bus Service To Colombo

කෙසේ වෙතත්, මෙම බස් රථ සේවාව විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ආරම්භ කරන්නක් බැවින් ඒ සඳහා ගමනාගමන මණ්ඩලය සතු විනීත, විනයගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් යොදා ගැනීමට නියමිතයි. 

Sponsored By Sarrita Jewellery

කොළඹ කළ සුපිරි වැඩක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | A Passenger Bus Service To Colombo