අගමැතිනි හරිනිට විරුද්ධ විශ්වාසභංගෙට මොකද වුණේ? කට උත්තර නැති විපක්ෂේ

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිනි හරිනි අමරසූරිය මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා දින 24ක් ගතවී ඇති නමුත්, මෙතෙක් ඊළඟ පියවර ගැනීමට නොහැකි සිටින බව වාර්තා වේ.

කථානායකවරයාට ඉදිරිපත් කිරීම සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 20 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ යුතුය.එවන් අවස්ථාවක මෙතෙක් අවම වශයෙන් අත්සන් 20ක් ලබා ගත නොහැකි වී ඇති බවක් වාර්තා වේ.

දරුවන්ගේ අධ්‍යාපනය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

දරුවන්ගේ අධ්‍යාපනය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ ඔහුගේ ස්ථාවරයේ ඔහු නිශ්චිතවම සිටින බවයි. මේ අතර දෙමළ ජාතික පක්ෂය නිවේදනය කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවට ඔවුන් අත්සන් නොකරන බවයි.

සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 40ක් සිටිති. නමුත් ඔවුන්ගෙන් 20 දෙනෙකුගේ අත්සන් ලබා ගැනීමට නොහැකි වීම සැලකිය යුතු කරුණකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය තුළ දැවැන්ත අභ්‍යන්තර ගැටලු පවතින බව දේශපාලන නිරීක්ෂකයෝ මෙම කරුණු උපුටා දක්වමින් පෙන්වා දෙයි.

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි