පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි - විපක්ෂ නායක
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය යථාර්ථ රටේ සුවහසක් සහ ජනතාව, විශේෂයෙන් කතෝලික ජනතාව සඳහා දැනගැනීමට අත්‍යවශ්‍ය බව පවසමින්, එම ප්‍රහාරය පිළිබඳ විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී කතානාම් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ, ප්‍රහාරයෙන් විනාශ වූ පවුල්වල සාමාජිකයින් සත්‍ය යථාර්ථ දැනගැනීමේ අපේක්ෂාවෙන් තවමත් සිටින බවත්, මෙවැනි විවාදයක් හරහා ප්‍රහාරයේ මහ මොළකරු කවුද යන්න සොයාබැලීමට අවස්ථාව ලැබෙන බවත් ය.
"පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ පවුල් වෙනුවෙන් හෝ, මෙවැනි විවාදයක් කිරීමට අවස්ථාව ලබාදෙන්න" යනුවෙන් ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ;
"පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය රටේ සුවහසක් ජනතාවට කතෝලික ජනතාවට දැනගැනීමට අවශ්‍යව තිබෙනවා. වින්දිතයන් එම සත්‍ය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා. මහ මොළකරු කවුද යන්න සොයා බලන විවාදයක් අවශ්‍යයි. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන්න."