රජයේ ඉඩම් සම්බන්ධ සියලුම පනත් එකට එක් කරමින් නව පනතක් සැකසීමට සැලසුම්

By Shehan Sep 13, 2025 03:12 AM GMT
Report

ශ්‍රී ලංකාවේ රජයේ ඉඩම් සම්බන්ධ සියලුම පනත් එකතු කර එක් පනතක් ලෙස සකස් කිරීම සඳහා අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම පනත් සියල්ල මගින් ඉඩම් රාජකාරි සිදු කෙරෙන බැවින්, එක පනතක් සකස් කිරීම තුළින් ඉඩම් පරිහරණය වඩාත් පහසු වන බව ඔහු අවධාරණය කළේය.

ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම සකස් කිරීම සමගාමීව අනෙකුත් ඉඩම් අණ පනත් ලිහිල් කළ යුතු බවත්, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවට වැඩි බලතල ලබා දිය යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.

එසේ නොවුණහොත්, ඉඩම් සම්බන්ධ අවසර ලබා ගැනීමේදී තවත් ආයතනයක් එකතු වීම පමණක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

කොළඹ වරාය නගරයේ මුහුද ගොඩකර සකස් කරන ලද ඉඩම්වල අයිතිය සම්බන්ධයෙන් වසර කිහිපයකට පෙර කතිකාවතක් පැවති බව සිහිපත් කළ ලේකම්වරයා, එය නිරවුල් කිරීම සඳහා අණ පනත් පරීක්ෂා කිරීමේදී බ්‍රිතාන්‍ය යුගයේ සකස් කළ රජයේ ඉඩම් ආඥා පනතේ "ආණ්ඩුකාරවරයාගේ නියමය මත මුහුද ගොඩකර සාදන ලද භූමිය රජය සතු වන්නේය" යනුවෙන් සඳහන් වී ඇති බව පැවසීය. ඒ අනුව, එම ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

මේ ලග්නවලට අද සුබම සුබයි, හිතාගන්න බැරි විදිහේ සැප සම්පත් එක්ක අතමිට සරු වෙයි

මේ ලග්නවලට අද සුබම සුබයි, හිතාගන්න බැරි විදිහේ සැප සම්පත් එක්ක අතමිට සරු වෙයි

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳට පුරුදුයි, මහින්දගෙන් හැම ප්‍රශ්නෙටම සටහනක්

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳට පුරුදුයි, මහින්දගෙන් හැම ප්‍රශ්නෙටම සටහනක්