බැකෝ සමන්ගේ ගෝලයා T81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට
ශ්රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ විමර්ශනවල තවත් පියවරක් ලෙස, මේ වන විට රඳවාගෙන ප්රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "බැකෝ සමන්" නැමැත්තාගේ සමීපතමයෙකු, ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කර ඇත.
පොලීසිය සඳහන් කළේ ඇඹිලිපිටිය ගඟේයාය ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සොයාගෙන තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.