මෛත්‍රී කලින්ම ගෙදරින් ගිහින් කිව්වට දින දෙකක් ඉල්ලයි

Report

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජීවත් වූ කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත ඉවත්ව යන බව ඔහුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

2015 ජනවාරි 9 සිට 2019 නොවැම්බර් 18 දක්වා ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා, මුලින් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසක පදිංචිව සිටි අතර, අධිකරණ නියෝගයක් හේතුවෙන් එම නිවසෙන් ඉවත් වීමට සිදුවිය.

ඉන් පසු රජය විසින් ඔහුට කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසක් ලබා දෙන ලදී.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේදී 2025 සැප්තැම්බර් 10 වන දින සම්මත වීමත් සමග, හිටපු ජනාධිපතිවරුන්ට රජය විසින් ලබා දී තිබූ නිවාස, ලේකම් දීමනා, කාර්යාල ආධාර, නිල වාහන ඇතුළු සියලු වරප්‍රසාද අහිමි විය.

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

මේ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) විජේරාම නිවසින් ඉවත් වූ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තම නිවසින් ඉවත්වීමට මාස දෙකක කාලයක් ඉල්ලා ඇත. ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසන පරිදි, චන්ද්‍රිකා මහත්මියගේ මෙම ඉල්ලීමට රජයෙන් විරෝධයක් එල්ල නොවනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප මෙම පනත මගින් බලපෑමට ලක් නොවේ. එසේම, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කැබිනට් තීරණයක් මගින් ලබාදෙන බැවින්, නව පනත ඔවුන්ගේ ආරක්ෂාවට බලපෑමක් එල්ල නොකරයි. 

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳට පුරුදුයි, මහින්දගෙන් හැම ප්‍රශ්නෙටම සටහනක්

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳට පුරුදුයි, මහින්දගෙන් හැම ප්‍රශ්නෙටම සටහනක්

මේ ලග්නවලට අද සුබම සුබයි, හිතාගන්න බැරි විදිහේ සැප සම්පත් එක්ක අතමිට සරු වෙයි

මේ ලග්නවලට අද සුබම සුබයි, හිතාගන්න බැරි විදිහේ සැප සම්පත් එක්ක අතමිට සරු වෙයි