සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්
By Ashfa
අද (13) දින රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය අසළ රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් ඇතිවිය.
රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බවයි.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව මීටරයක් දක්වා රළ ඇති විය හැකිය.