තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ පරීක්ෂණ සාර්ථකව අවසන් කිරීම හේතුවෙන් එක්සත් ජනපදයෙන් බොරතෙල් මිලදී ගැනීමට සූදානම් වේ.

ඊට අනුව ඊළඟ මාසයේදී ටෙන්ඩර් පටිපාටියක් ආරම්භ කරන බව සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද එස්. රාජකරුණා මහතා පැවසුවේය.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

අදාළ ගනුදෙනුව යටතේ වසරක් තුළ ඇමෙරිකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් මිලියන දෙකක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවත් ඇමෙරිකානු තීරු බදු පිළිබඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹ ඇති බවත් වාර්තා වේ.

මේ සඳහා වසරකට ඩොලර් මිලියන 800ත් 900ත් අතර මුදලක් වැය කිරීමට සූදානම් වන අතර ලෝක වෙළෙඳපොළේ මිලට වඩා ඩබ්ලිව්. ටී. අයි. (WTI) බොරතෙල් මිල අඩු වුවද, නැව් ගාස්තු අධික විය හැකි බැවින්, ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් තරගකාරී මිලක් ඉදිරිපත් කරන සමාගමකට මෙම අවස්ථාව හිමි වන බව සභාපතිවරයා පැවසුවේය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි