වසර 4කට පසු එළියට ආ දෙදෙරු මවගේ ඝාතනයේ සුලමුල.

Sri Lanka Police Crime Murder
By Wayomi May 10, 2024 04:39 AM GMT
Wayomi

Wayomi

Report

මීට වසර හතරකට පමණ ඉහතදි පහරදි ඝාතනය කොට වැසිකිළි වලකට දැමූ හිනිදුම,කපල්ල බටහිර ප්‍රදේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය වී තිබෙනවා.

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසන්නේ, අදාල කාන්තාව දෙවැනි වරට විවාහ වු පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

2020 වර්ෂයේදී මෙම ඝාතනය සිදු කර ඇති අතර කාන්තාවගේ දෙවෙනි සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදුකරණු ලැබු ප්‍රශ්නකිරිම් වලදී ඝාතනයේ සුලමුල හෙළි කර තිබෙනවා.

මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකු සිටින අතර සැකකරු ඇයට පහරදි ඝාතනය කර පසුව නිවසේ වැසිකිළි වලට දමා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

....................................................

May you Like