අද සහ හෙට රාත්‍රී අහස නොවරදවාම හැමෝම බලන්න..ඔබ මෙතෙක් නොදුටු දෙයක් අහසේ දිස් වෙයි.

NASA World Technology
By Aruna Sep 28, 2024 04:01 AM GMT
Aruna

Aruna

Report

වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් අද(28) සවස හිරු බැස යෑමෙන් පසු ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු සඳහන් කළේ, සූර්යයා සමඟ සමීපවන C/2023 A3 (Tsuchinshan-ATLAS) නම් මෙම වල්ගා තරුව පියවි ඇසට නිරීක්ෂණය වන බවයි.

ශ්‍රී ලංකාවේ අහස නිරීක්ෂකයින්ට අද(28) සවස හිරු බැස යෑමෙන් පසු මෙම දුර්ලභ ආකාශ වස්තුව දැකගත හැකි බවත් පියවි ඇසට එය දුර්වල තිතක් ලෙස දර්ශනය වූවත්, දුරේක්ෂයක් භාවිත කොට එහි වලිගය සහිත විචිත්‍රවත් වල්ගා තරුවම දැක ගත හැකියාව තිබේ.

රටම බලාසිටි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

රටම බලාසිටි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


හිරු උදාවට මිනිත්තු 45 සිට පැයකට පෙරත් මෙම වල්ගා තරුව නැගෙනහිර අහසේ දර්ශනය වනු ඇති බවයි ඒ මහතා පවසන්නේ.

ගිහාන් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ, මෙම සිදුවීම අසාමාන්‍ය වන්නේ මෙම වල්ගා තරුව වසර 80,000 ක කක්ෂගත කාලයක් සහිත දිගු-කාලීන වල්ගා තරු ගණයට අයත් වීම වන අතර, එය අවසන් වරට සූර්යයාට සමීපව ගමන් කර ඇත්තේ මීට වසර 80,000 කට පෙර නිසා මෙය ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් බවයි.

මේ අතර, හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසනවා.

මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද්‍යාඥයෝ පවසයි.

මෙම අලුත් සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා, මීටර් 10 ක් පළල ග්‍රහකයක් වන අතර, විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යන නමිනි.

විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදාය. ග්‍රහකය මේ වනවිට පෘථිවිය දෙසට පැමිණෙමින් ඇති බවයි පැවසෙන්නේ. ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ අභ්‍යවකාශයේ සැරිසරයි. සමහර ඒවා මීටරයකට වඩා ප්‍රමාණයෙන් කුඩාය.

සමහර ඒවා කිලෝ මීටර් දහස් ගණනක් විශාලය. ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ පෘථිවිය දෙසට පැමිණීම අරුමයක් නොවෙයි. දැවැන්ත ග්‍රහක බොහොමයක් පෘථිවිය පසු කර යයි.

ඇතැම් කුඩා ග්‍රහක පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී විනාශ වෙයි. මේ 2024 PT5 ග්‍රහකය පෘථිවිය අසලින් යද්දී, එය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇතැයි විද්‍යාඥයයන් ගණනය කර ඇත.

විදුලි ගාස්තු නව ජනපති දැනෙන ගණනකින් අඩුකරන්න යයි..

විදුලි ගාස්තු නව ජනපති දැනෙන ගණනකින් අඩුකරන්න යයි..


එසේ හසුවූ විට එය පෘථිවිය සමඟ රැ‍ඳෙමින් පෘථිවිය වටා භ්‍රමණය වීමට පටන් ගනී. පෘථිවියට අලුතින් කුඩා සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ඒ අනුවය.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් හෙට (සැප්තැම්බර් 29 වැනිදා සිට), ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යනු ඇති බවත් පැවැසෙයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%