මෝල් ගහකින් පහරදී කෝටිපතියෙකු ඝාතනය කරයි..කරලා තියෙන්නේ මාමා..පොලීසියේදීව් සිදුකළ සංවේදී පාපොච්චාරණය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder Latest Headlines
By Sewvandhi Oct 14, 2024 03:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බලන්ගොඩ පොලිසිය ප්‍රකාශ කළේ, බලන්ගොඩ දහමාන ප්‍රදේශයේ ඇති නිවස තුලදි 44 හැවිරිදි කෝටිපති ව්‍යපාරිකයයෙකු වන තිදරු පියෙකු ඝාතනය කල 65 හැවිරිදි මාමංඩිය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව යටතේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

ඉකුත් (11) දා රාත්‍රියේ ,මෙම සැකකරු විසින් කොහු මිටකින් සහ කුඩා මෝල් ගසකින් සිදුකල හිසට පහර දිමක් හේතුවෙන් බැනා නිවසේදිම ඝාතනයට ලක්ව ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර මාමා හෘද රෝගී තත්ත්වයක් ඇති විම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත.

පොලිසිය සදහන් කලේ, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බලන්ගොඩ දහමාන ප්‍රදේශයේ පදිංචිව සිටි මිිගහවෙල ලේඛමිලාගේ විජේකුමාර නැමති 44 හැවිරිදි කෝටිපති ව්‍යපාරික තිදරැ පියෙකු බවය.

පොලිසිය පැවසුවේ, පහර දිම හේතුවෙන් හිස් කබලයට සහ පාද වලට සිදු වු බරපතළ තුවාල හේතුවෙන් ශරිර අභ්‍යන්තරයට රුධිරය වහනය විම හේතුවෙන් මරණ සිදු විි ඇති බවට බලන්ගොඩ මුලික රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේ වෛද්‍ය වාර්තා අනුව තහවුරු වි තිබෙන බවයි.

මරණ කරැගේ බිරිඳ මව ( නැන්දම්මා) එම නිවසේ කාලයක සිට නතර විි සිට ඇති අතර සිද්ධිය වු දිනයේ දහවල් මෙම නිවසට මරණකරැගේ පියා (මාමාද) පැමිණ සිට තිබෙි.

සිදුකල මුලික විමර්ශනවලදි අණාවරය වී ඇත්තේ, විජේකුමාර නැමති මරණ කරැ බලන්ගොඩ නගරයට පැමිණ සවස 6.30 ට පමණ තම පදිංචි නිවසට ගොස් තිබෙන අතර එහිදී සිය බිරිඳ සමග බහින් බස් විමක් ඇති වි එය දුරදිග ගොස් ගැටුමක් ඇති වි තිබෙන බවටයි.

එම අවස්ථාවලදී බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදි කොහු මිටකින් සහ කුඩා මෝල් ගසකින් හිසට සහ පාද වලට පහර දිම හේතුවෙන් මෙලෙස දුවගේ සැමියා වන විජේකුමාර නැමති අය නිවසේ සාලයේදිම මරණයට පත්ව තිබෙන බව මුලික විමර්ශනවලදි අණාවරය වු බව පොලිසිය සදහන් කලේය.

එදිනම රාත්‍රියේ මහේස්ත්‍රාත් පරික්ෂණය බලන්ගොඩ මහේස්ත්‍රාත් දිල්රැක්ෂි වික්‍රමසිංහ මැනවිය විසින් සිදුකල අතර රත්නපුර අපරාධ පරික්ෂණ නිළධාරින් (SOCO) පැමිණෙන ස්ථානය පරික්ෂණ ද සිදු කලේය. එහිදී මහේස්ත්‍රාත් වරිය පොලිසිය වෙත නියෝග කර සිටියේ මනුෂ්‍ය ඝාතනය සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව වැඩිදුර පරික්ෂණ ආරම්භ කල පොලිසිය විසින් සැකකාර මාමා හෙවත් මරණකරැගේ බිරිදගේ පියා වන 65 හැවිරිදි අය අත්අඩංගුවට ගනු ලැබිය.

පොලිසිය පැවසුවේ, තම දුව සමග නිරන්තරයෙන් ගැටුමි ඇති කර ගන්නා බවත් එය බලා සිටිමට නොහැකි බැවින් පහර දිම සිදුකල බවට අත්අඩංගුවට ගත් සැකකාර මාමා විසින් මෙම ඝාතනය සමිබන්දයෙන් පොලිසිය වෙත සදහන් කරඇති බවයි.

බලන්ගොඩ මුලික රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය සිදු කලේය. සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට යලි ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි.