දාහතර හැවිරිදි දැරියක කෙලෙසා සැඟවෙන්නට ඉන්දීයාවට පැනගිහින්..

Report

මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් රවටා බලහත්කාරයෙන් දූෂණය කළ පුද්ගලයෙකු ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි මුල්ලියාවලෙයි පොලීසිය පවසා ඇත.

එම තරුණයා මුල්ලියාවලෙයි ප්‍රදේශයට පැමිණ තැන් තැන්වල කුලී වැඩ කරමින් සිට ඇති අතර දැරිය පාසල් යන අතරවාරයේ ඇයව පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කර තිබේ.

රජය විසින් ගත්‍ත හදිසි තීරණය ..මෙන්න බලන්න රජයේ මුද්‍රණාලයට කරන්න යන දේ..

රජය විසින් ගත්‍ත හදිසි තීරණය ..මෙන්න බලන්න රජයේ මුද්‍රණාලයට කරන්න යන දේ..

දැරිය තමන්ට අසනීප බව පවසා ආපසු නිවසට පැමිණීමෙන් පසුව මව ඇයව ප්‍රතිකාර ලබා දීම පිණිස මුලතිව් රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයාට ඇයව දූෂණය වී ඇති බවට තොරතුරු හෙළි වීමෙන් පසුව ඒ බව රෝහලේ පළාත් අධිකාරිය හරහා පොලීසියට පැමිණිලි කර තිබේ.

දැරියගෙන් ලබා ගත් ප්‍රකාශයක් මත මුල්ලියාවලෙයි පොලීසිය සැකකරු පිළිබදව කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ, ඔහු ඉන්දියාවට පලා ගොස් තමිල්නාඩු ප්‍රදේශයේ සිටින බවයි.

දෙමාපියනි ඔබේ නව යොවුන් දරුවන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න..මෙන්න හේතුව..

දෙමාපියනි ඔබේ නව යොවුන් දරුවන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න..මෙන්න හේතුව..

ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මුලතිව් අධිකරණයෙන් පොලීසිය නියෝගයක් ලබා ගෙන එම නියෝගය තමිල්නාඩුව වෙත යවා තිබේ.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත දැරියව රජයේ පරිවාස මධ්‍යස්ථානයක් වෙත බාර කර ඇති අතර ඇය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත.