අයථා විදුලිය ගැනීමෙන් මණ්ඩලයට රුපියල් කෝටි 08ක පාඩුවක්.

Sri Lanka Ceylon Electricity Board
By Hashini Nov 04, 2023 02:44 AM GMT
Hashini

Hashini

Report

 ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බවයි.

එම මණ්ඩලය සඳහන කරන්නේ ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස් කිරීම් සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මෙම පාඩුව සිදු වන බවයි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් මණ්ඩලයට සිදු ව තිබෙනවා.

මාස අටක කාලය තුළ විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධයෙන් වැටලීම් 1,041ක් සිදු කර තිබෙනවා.

එලෙස විදුලි මීටර් වෙනස් කිරීම මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට හත්කෝටි හැට හතර ලක්ෂ විසි හත්දහස් හයසිය හතළිස් නවයක අලාභයක් සිදු ව ඇති බව ද සඳහන්.

ඊට අමතර ව විදුලි රැහැන්වලට විවිධ උපකරණ සවිකර විදුලිය ලබාගැනීම් සම්බන්ධයෙන් වැටලීම් 81ක් සිදු කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙන්නේ එම වැටලීම් තුළින් රුපියල් විසි හය ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය හතක අලාභයක් සිදු ව ඇති බවයි.

අදාළ පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ගෙන් රුපියල් තිස් හය ලක්ෂ අනූ පන්දහස් පන්සියයක මුදලක් දඩ වශයෙන් අය කරගෙන තිබෙන බවද ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ReeCha