උසස් පෙළ ලියපු සිසුන්ට සුබ ආරංචියක්..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් (Z – SCORE) ලකුණු මේ සතියේ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා පවසනවා.
කොවිඩ් අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ නොහැකිවීම හේතුවෙන් ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
මේ අතර මාස 06 ක කාලයකට පසු දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.
සෞඛ්‍ය ක්‍රමවේද යටතේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් පාසල් වෙත පැමිණීමේදි නිල ඇදුම බාධාවක් කර නොගෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසල්වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දැනුම් දී තිබුණා.
වර්ජනයේ නිරත වු ගුරු විදුහල්පතිවරුන් ද අද දිනයේ පාසල් වෙත වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.
උණ, කැස්ස වැනි රෝගී තත්ත්වයන් සහිත දරුවන් පාසල් වෙත එවීමෙන් වලකින ලෙසයි මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.
ලබා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මව්පියන් සිය දරුවන් පාසල් වෙත යොමු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
