සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට යයි..

By krishani Apr 30, 2023 09:42 AM GMT
Report

ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ එම පාසලේ උ.පෙළ විද්‍යා විෂය අහෝසි කිරීමට ගෙන ඇතැයි කියන තීරණයක් සම්බන්ධයෙන් ය.

එම සිසුන් පිරිස පවසන්නේ, පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගාල්ල උණවටුන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තමන්ට විද්‍යා විෂය හදාරනවා නම් වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැනුම් දී ඇති බව යි.

මේ අතර, ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ද අදහස් පළ කළේ ය.

කෙසේවෙතත් එම සංගමය පවසන්නේ, මෙම විද්‍යාලය සහ දිවයිනේ බොහෝ පාසල් සඳහා ගුරු හිඟයක් පවතින බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join