හෙල්මට් එකක් නිසා දුම්රිය ගමනාගමනය නවතී...
Sri Lanka Railways
Department of Railways
Railways
By Aruna
අනුරාධපුර දුම්රිය ස්ථානයේ නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ එම දුම්රිය ස්ථානයට අයත් රථගාලේ දුම්රිය නියාමකවරයෙකුට අයත් යතුරු පැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම කිසියම් අයෙකු විසින් සොරකම් කිරීමට විරෝධය පල කරමිනි. ඔවුන් පවසන්නේ දුම්රිය ස්ථානයේ යතුරුපැදිගාලේ නිසි ආරක්ෂාවක් නොමැති වීම මීට හේතු වී ඇත.
මෙම වර්ජනය හේතුවෙන් අනුරාධපුරයේ සිට කිලිනොච්චිය දක්වා ධාවනය වන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කර සිටිනවා.