යෝධ තල්මසෙකු වෙරලට ගොඩගසයි.. ගිනිගත් නැව නිසා දැයි සැකයක්.

Sea Fire ship a-giant-whale Mannarama
By Aruna Jun 17, 2021 05:31 AM GMT
Report

යාපනය කයට්ස් උර්කාවත්තුරෙයි මුහුදු තීරයට මිය ගිය විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගස් ඇති බවට ධීවරයින් පවසති.

මිය ගිය තල්මසා අඩි 32 ක පමණ දිගින් යුක්ත වන අතර මීට දින 5 කට පමණ පෙර මිය ගොස් ඇති බවට පරික්ෂා කල යාපනය වනජීවි නිලධාරීන් සහ වෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූහ.

තල්මසා මිය යාමට හේතුව මෙතෙක් නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකි බවටත් තල්මසාගේ සිරුරේ ලබාගත් කොටස් පරික්ෂණයන් වෙතට යොමුකිරීමට පියවර ගෙන ඇති බවටද වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

තවද අදාල තල්මසා මිය යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන්යැයි තමන්ට සැකසහිත බවටද කයිට්ස් ධීවරයින් පෙන්වා දෙයි.

මේ අතර මන්නාරම ශිලාවතුර මුහුදු වෙරලටද මිය ගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අතර එයද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමක් බවටද සිලාවතුර ධීවරයින් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now