සජිත් නගර සභාවේ කුණු ලොරියක් බව අනුර කියයි...

Report

සජිත් කියන්නේ නගර සභාවේ කුණු ලොරියක් බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසී ය.

ජාතික ජන බලවේගයේ පවතී පක්ෂ රැලියක දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

යේමන මුහුදේ යාත්‍රාවක් අනතුරට ලක් වී 13ක් ජිවිතක්ෂයට...

යේමන මුහුදේ යාත්‍රාවක් අනතුරට ලක් වී 13ක් ජිවිතක්ෂයට...

“සජිත් බලයට ආපුවාම මුස්ලිම් අයට රැවුල වවන්න දෙන්නේ නෑලු. මගෙන් කට්ටිය අහනවා මේ කතාව ඇත්තද කියලා. මම කිව්වා මමත් රැවුල වවලා ඉන්නේ කියලා. පස් වතාවක් දෙවියන් වදින්න දෙන්නේ නෑලු. මොන කතාද මේ. මේ දේශපාලනයද...?''

''...සජිත්ගේ කඳවුර දේශපාලන වශයෙන් නන්නත්තාර වෙච්ච කඳවුරක්. නායකයාගේ සිට පහළ කෙනා දක්වාම මතයක් නෑ. ඉලක්කයක් නෑ... ඔහේ බහුබූත කියවන නායකයෙක් ඉන්නවා. ඒකටම හරියන සෙට් එකක් ඉන්නවා...'' යනුවෙන් ඔහු පැවසී ය.