විනිසුරු රථය ඉදිරියෙන් අසභ්‍ය සංඥා කරමින් පිරිසක් ගමන් කරයි

Jaffna judge Nelli Adi Peduruthuduva
By Sewvandhi Oct 05, 2021 12:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ මාර්ගයක ගමන් කරමින් සිටි කාර් රථයට බාධා කොට අසෝබන ලෙසින් හැසිරුණු තරුණයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ නෙල්අඩි ප්‍රදේශය දෙසට ගමන්කරමින් තිබූ කාර් රථයක් ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝද රථයක සිටි පිරිසක් විසින් මහේසත්‍රාත් කාර් රථයට ධාවනය කිරීමට බාධාවන අයුරින් ත්‍රී රෝද රථය ධාවනය කොට ඇත.

පසුව ත්‍රී රෝද රථයේ සිටි තරුණයින් තිදෙනෙකු විසින් අශෝබන ලෙසින් හස්තමුද්‍රා යොදා ගනිමින් කාර් රථයේ සිටි පිරිස් අපහසුතාවයන්ට පත්කොට ත්‍රී රෝද රථයෙන් පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදී පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් කාර් රථයද ගමන් කිරීම ඒ පිළිබඳව ඉදිරියේ පිහිටි පොලිස් මාර්ග බාධකයකට දැනුම්දීමෙන් අනතුරුව ත්‍රී රෝද රථයේ ගමන්ගත් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉනුවිල්, නෙල්ලිඅඩි සහ වව්නියාව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 31,33, සහ 36 වයස්හි පසුවන අයවන අතර ඔවුන් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

===========================

You may like this video

කිරිපිටි පෝලිමේ සිදු උණු දේ - අවසන් වෙනකන් බලන්න-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha