ඉතා සූක්‍ෂම අයුරින් කෙරුණු ඉන්ධන විකිණීමේ ජාවාරමක් මාට්ටු..

Report

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවූ බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙකු, සාහයකයන් දෙදෙනෙකු ඇතුළු ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්දයෙන් යෝෂිත රාජපක්ෂට CIDයෙන් කැදවීමක්..

අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්දයෙන් යෝෂිත රාජපක්ෂට CIDයෙන් කැදවීමක්..

පෙට්‍රල් ඉන්ධන ලීටර් 70 ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80ක් සහිත ප්ලාස්ටික් බුලි 7 ක් සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල මෛත්‍රී මාවතේදී බව පොලිසිය සඳහන් කරයි.

හදිසි තත්ත්වයක් හේතුවෙන් ඇල්ල - නිල්දිය පොකුණ වසා දමයි..

හදිසි තත්ත්වයක් හේතුවෙන් ඇල්ල - නිල්දිය පොකුණ වසා දමයි..

බණ්ඩාරගම පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එස් ශාන්ත මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වටලන අවස්ථාවේදී ඉන්ධන බවුසරය නවතා තිබූ ස්ථානයේ ද ඉන්ධන බිම වැගිරී තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

You may like this video