අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්දයෙන් යෝෂිත රාජපක්ෂට CIDයෙන් කැදවීමක්..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පැය 04 ක ප්රකාශයක් ලබාදුන්නා.
ඒ අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්දයෙනි.
ඊයේ උදෑසන 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මොහු ඉන් පිටව ගියේ 1.30ට පමණය.
මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මොහුට දැනුවත් කර තිබුණද ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂටද ලබන වසරේ ජනවාරි මස 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්දයෙන් සිදු කරන විමර්ශන සදහායි.
You may like this video