විදෙස් සංචාරක කාන්තාවකට මෙරට පුද්ගලයෙකුගෙන් සෙරෙප්පු පහරක් - (VIDEO)

Badulla Sri Lanka Tourism Sri Lanka
By Sewvandhi Feb 22, 2023 01:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 මෙරට සංචාරයේ නිරතවන විවිධ විදෙස් සංචාරකයින් මුහුණදෙන විවිධ අපහසුතාවයන් පිළිබඳව දිනෙන් දින අසුබ පුවත් රැසක් අසන්න ලැබෙයි. මේ වනවිට තවත් එවැනිම අවාසනාවන්ත පුවත් කිහිපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

සමාජ මාධ්‍ය ඔස්සේ තවත් වීඩියෝවක් මේ වනවිට හුවමාරු වෙමින් පවතින්නේ දුම්රියක ගමන්කරමින් සිටින සංචාරක කාන්තාවකට සිදුවන අකරතැබ්බයකි. එහිදී දුම්රිය මාර්ගය ආසන්නයේ සිටින පුද්ගලයෙකු විසින් සෙරෙප්පුවකින් අදාළ සංචාරක කාන්තාවට දමා ගසයි.

මෙම සිදුවීම බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක සිදුවූවක් බවට තොරතුරු වාර්තාවෙයි. එය කැමරාවක පටිගතව තිබුණේ මේ අයුරින්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha