රක්ෂිත දෙකක ගින්නක් ඇවිලී යයි - විශාල ප්‍රදේශයක් විනාශ වෙලා.

Report

ඊයේ (18) රාත්‍රියේ වැල්ලවාය - පෙරකැටිය සහ කොට්ටිගම්බොක්ක යන රක්ෂිතවල ගින්නක් හටගෙන ඇත.

එම හටගත් ගින්න අද උදෑසන වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලිසිය සඳහන් කළේ ය.

මේ හේතුවෙන් රක්ෂිත දෙකෙහි විශාල ප්‍රදේශයක් විනාශ වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ පවතින තද සුළං තත්වය හේතුවෙන් යළි ගිනි පැතිරයාමේ අවදානමක් පවතින බවයි.