රක්ෂිතයක ගින්නක් ඇවිලී යයි - අක්කර 10කට වඩා විනාශ වෙලා.

By krishani Aug 12, 2023 08:00 AM GMT
Report

ඊයේ (11) පස්වරුවේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රණවරාව රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇත.

එය ඊයේ රාත්‍රි කාලය පුරාවටම රක්ෂිතයේ පැතිර ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති  අතර පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත.

අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර වන සතුන් දඩයම් කිරීමට සහ දර ලබා ගැනීමේ අරමුණින් විවිධ පුද්ගලයන් මෙම රක්ෂිතවලට ගිනි තැබීම සිදුකරනු ලබයි.

කෙසේ වෙතත්, ගින්නෙන් රක්ෂිතයේ ඇති තෘණ භූමිය,වන සතුන් සහ ඉපැරැණි ශාක රැසක්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.