එක කාන්තාවක් දරුවන් 08ක් හදන්න ඕන - රජයෙන් විශේෂ තීරණයක්..

Vladimir Putin Russo-Ukrainian War Russia
By krishani Dec 02, 2023 12:34 PM GMT
krishani

krishani

Report

රුසියාවේ මොස්කව් අගනුවර පැවති ලෝක රුසියානු මහජන කොංග්‍රසයේ රැස්වීම වීඩියෝ මාර්ගයෙන් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කර ඇත්තේ රුසියාවේ සෑම කාන්තාවකටම අනාගතයේ දී අවම වශයෙන් දරුවන් 8 දෙනෙකු සිටිය යුතු බවයි.

එක කාන්තාවක් දරුවන් 08ක් හදන්න ඕන - රජයෙන් විශේෂ තීරණයක්.. | A Demand For Women In Russia To Have 8 Children

රුසියාවේ උපත් අනුපාතය 1991 සිට ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. 

එමෙන්ම, සෑම පවුලකටම දරුවන් හතර දෙනෙකුට වඩා සිටි නමුත් නූතන ලෝකයේ එම සංඛ්‍යාව හැකිලී ගොස් ඇති එරට ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු ජනාධිපති,

රුසියාවේ දැඩි ශ්‍රම හිඟයක් පවතී. ඒ නිසා රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එබැවින් ශ්‍රම හිඟය නිවැරදි කිරීම සඳහා රටේ ජනගහනය වැඩි කිරීම රජයේ ඉලක්කයයි.

ඒ සඳහා රුසියාවේ සෑම කාන්තාවකටම අනාගතයේ දී අවම වශයෙන් දරුවන් 8 දෙනෙකු සිටිය යුතුය. මෙමගින් වසර 1000ක් පැරණි රටේ උරුමය සුරැකෙනු ඇත.”  යනුවෙන් ය.

එක කාන්තාවක් දරුවන් 08ක් හදන්න ඕන - රජයෙන් විශේෂ තීරණයක්.. | A Demand For Women In Russia To Have 8 Children

මේ අතර, යුක්රේනය සමඟ යුද්ධයෙන් රුසියානුවන් ලක්ෂ 3 ක් පමණ මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එවන් පසුබිමක පුටින් මෙම තීරණය ගෙන ඇති බවයි.

සමලිංගික විවාහයක් ගැන නේපාලයෙන් ප්‍රථම වතාවට ඇහෙන කතාවක් මෙන්න.. (PHOTOS)

සමලිංගික විවාහයක් ගැන නේපාලයෙන් ප්‍රථම වතාවට ඇහෙන කතාවක් මෙන්න.. (PHOTOS)


ReeCha