මහනුවරින් වාර්තා වුණ කොරෝනා මරණය ගැන වෛද්‍යවරුන් කියන කතාව..
COVID-19
Kandy
Hospitals in Sri Lanka
Death
Latest Headlines
By krishani
වසරකට පමණ පසුව, මෙරටින් එක් කෝවිඩ් මරණයක් පිළිබඳව පුවතක් වාර්තා විය.
ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් ය.
රෝහලට ඇතුළත් කළ ඔහු පෙරේදා (22) දින මියගොස් ඇත.
නමුත් ඔහු මියගොස් ඇත්තේ සිරෝසිස් රෝග තත්ත්වය හේතුවෙන් ය.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කළේ මෙම රෝගියා ගම්පොළ රෝහලෙන් මහනුවර රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවූ බවයි.
එමෙන්ම, මෙම රෝගියාට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක්ම වැළදී තිබූ බවත් මරණ පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බවත් වාර්තා වූ බව ඇය පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ වෛද්‍යවරුන්ගේ මතයට අනුව එය කොවිඩ් මරණයක් නොවන බවයි.
