මනුස්සයෙකුගේ පෙනහැල්ලකට කැරපොත්තෙක් ගිය හැටි. - (PHOTOS)

India
By Wayomi Mar 01, 2024 06:58 AM GMT
Wayomi

Wayomi

Report

පුද්ගලයෙකුගේ පෙනහැල්ලෙන් කැරපොත්තෙක් හමු වූ පුවතක් වාර්තා වෙනවා.

අදාළ පුද්ගලයාට දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීම හේතුවෙන් කේරළයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඔහුව පරීක්ෂා කර බැලීමේ දී වෛද්‍යවරුන්ට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්ත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

ඒ අනුව රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්ත්වයා ශරීරයෙන් පිටතට ගැනීමට එම වෛද්‍ය කණ්ඩායම සමත් වී ඇත.

අනතුරුව එම රෝගියා මේ වන සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 


GalleryGallery
ReeCha