ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට [VIDEO]

Report

ඉරානයේ රාජ්‍ය ගුවන් විදුලි සහ රූපවාහිනී ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඊයේ (16) රාත්‍රියේ, ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය X ගිණුම හරහා නිකුත් කළ සටහනක සඳහන් වුණේ,

"මිනිත්තු කිහිපයකට පෙර කුරිරු හා සංවිධානාත්මක ප්‍රහාරයකින්, සියොන්වාදී අපරාධකරුවන් විසින් ඉරානයේ රාජ්‍ය ගුවන් විදුලි සහ රූපවාහිනී (IRIB) මූලස්ථානය ඉලක්ක කරගෙන මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය කර ඇත.

ජාත්‍යන්තර නීති, සම්මතයන් සහ මානව හිමිකම් උල්ලංඝනය කරන මෙම සාපරාධී ක්‍රියාවට එරෙහිව ඉන්දියාවේ ස්වාධීන මාධ්‍ය පළිඟුවක් දක්වන බව අපි අපේක්ෂා කරමු."

මේ අතර, සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතරතුර එල්ල වූ මෙම ගුවන් ප්‍රහාරයේ දර්ශන වෙබ් මාධ්‍ය ජාලා ඔස්සේ වෛරල් වී පවතින බව ද වාර්තා වෙයි. 

තද සුළං සහ වැසි – විශේෂ කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ වැසි – විශේෂ කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්