මෙරට රෝහලකට ලක්ෂ 16ක රුධිර පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ.(PHOTOS)

By Sewvandhi Sep 15, 2021 10:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුලතිව් දිස්ත්‍රික් රෝහල වෙත රුපියල් ලක්ෂ 16 ක් වටිනා ලේ පිරිපහදු යන්ත්‍රරයක් පසුගිය 11 දා පරිත්‍යාග කරන ලදී. ඒ 306 බී 1, මෝදර මට්ටක්කුලිය සිංහ සමාජය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී,එය මුලතිව් දිසා රෝහලේදී ,පැවැත්විනි.

මෝදර මට්ටක්කුලිය සිංහ සමාජය විසින් සංවිධානය කරන ලද උත්සවයේදී මෝදර-මට්ටක්කුලිය සිංහ සමාජයේ සාමාජිකයෙකු වන ලයන් රන්ගනාදන්ගේ ඉල්ලීම පරිදි කැනඩාවේ පදිංචි වෛද්‍යවරයෙකු විසින් මෙම ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍රය රෝහල වෙත පරිත්‍යාග කරන ඇත.

306 බී 1 ගවනර් ලයන් ආර්.එල්.රාජ්කුමාර්, ඔහුගේ බිරිඳ ලයන් මේරියන්, දෙවන දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අධිපති ලයන් ප්ලසිඩස් පීටර්, ලයන් සාවිත්‍රි, දිස්ත්‍රික්ක උප ගණකාධිකාරී ලයන් චන්ද්‍රසේකර්,දිස්ත්‍රික්ක නියෝජ්‍ය මහලේකම් මයුරතන් සහ මෝදර මට්ටක්කුලිය සිංහ සමාජයේ සාමාජිකයින් ද මේ සදහා සහභාගී විය.

මෙවැනි අවස්ථාවක වෛද්‍ය ආධාර ලබා දීම ගැන 306 බී 1 මයුරතන් ලයන් ආර් එල් රාජ්කුමාර් සහ මෝදර-මට්ටක්කුලිය සිංහ සමාජයේ සියලුම සාමාජිකයින්ට වෛද්‍යවරුන් ස්තූති කිරීම විශේෂත්වයකි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery