දේශපාලනික පෙරළියක් - රාජකීයන් දෙදෙනෙකු නෙරපීමට පනතක්

By Sewvandhi Dec 03, 2023 03:19 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇති බවයි.

එම මාධ්‍ය වාර්තා කරන්නේ, හැරී කුමරු සහ මේගන් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමට පටන් ගැනීමත් සමඟ මෙම තීරණයට එළඹ ඇති බවයි.

දේශපාලනික පෙරළියක් - රාජකීයන් දෙදෙනෙකු නෙරපීමට පනතක් | A Bill To Remove Harry And Meghan

රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් මාර්කෙල් මෙලෙස රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව රැසකින් ඔවුන්ට විවේචන රැසක් මේ වනවිට එල්ල වෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ඔමිඩ් ස්කොබීගේ නවතම ග්‍රන්ථය වන 'එන්ඩ් ගේම්' වෙත අදහස් දක්වමින් හැරී සහ මේගන් මෙම චෝදනා එල්ල කර තිබෙනවා.