හෙට පැය 24ක සංකේත වැඩවර්ජනයක්

Report

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6:00යේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතායි.

එලවලුත් රටින් ගෙන්නයි

එලවලුත් රටින් ගෙන්නයි

රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වරායේ සහ ගුවන්තොටුපොළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යනයවරුන්ගේ සේවාවන් අඩාල වීමට නියමිත බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. 

එළියට ගිය කන්ටේනර් 323 ගැන ඇත්තම හෙළිවේ.

එළියට ගිය කන්ටේනර් 323 ගැන ඇත්තම හෙළිවේ.