එලවලුත් රටින් ගෙන්නයි

Vegetables Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 08, 2025 07:46 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) මුල් මාස තුනේ දී රුපියල් මිලියන 37,513 ක මුදලක් වැය වී ඇති බව සඳහන් කරමින්.

2024 වර්ෂයේ මුල් මාස තුනේ දී එළවළු ආනයනය කිරීම සඳහා වැය කර ඇත්තේ රුපියල් මිලියන 32,093කි.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක්

ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස තුනට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස තුනේ දී එළවළු ආනයනය කිරීම සඳහා වැය වී ඇති මුදල සියයට 16.9කින් වැඩි වී තිබෙනවා.

මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී පමණක් එළවළු ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 13,223ක මුදලක් වැය වී ඇත.

ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේ දී ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් මිලියන 12,182ක මුදලකි. 

සිමෙන්ති මිල වැඩි වේ.නව මිල මෙන්න

සිමෙන්ති මිල වැඩි වේ.නව මිල මෙන්න

ReeCha