කම්කරුවන් 6ක් මැරිලා පැය කීපයක් යන්නත් කළින් ඉන්දියාවේ තවත් දරුණු අනතුරක්, වානේ ආරුක්කුවක් කඩාවැටී 09ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි අසල ඉදිවෙමින් පවතින එන්නෝර් තාප බලාගාරයක වානේ ආරුක්කුවක් කඩා වැටීමෙන් කම්කරුවන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මියගිය පුද්ගලයන් ආසෑම් ප්‍රාන්තයෙන් සහ අවට ප්‍රදේශවලින් පැමිණි අය බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එසේම මෙසේ මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
මේ අතර ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ නිජ ප්‍රාන්තය වෙත ප්‍රවාහනය කරන බවට ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් සහතික වී තිබෙන බව සඳහන්.
එසේම තුවාල ලැබූ කම්කරුවන් අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි චෙන්නායි හි ස්ටැන්ලි රජයේ රෝහලට වහා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර බලධාරීන් අනතුරට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මියගිය එක් එක් අයගේ පවුල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 ක වන්දියක් ප්‍රකාශයට පත් කර ඇත.
ඊට අමතරව තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000 ක වන්දියක් ද රජය මඟින් නිවේදනය කර ඇති බව සඳහන්.
අනතුරුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මියගිය කම්කරුවන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ප්‍රකාශයට පත් කළ බව සඳහන්.
කෙසේ වෙතත් ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ ගම්බිම් වෙත ප්‍රවාහනය කරන බවට රජය සහතික වී ඇත.
එසේම මෙම අනතුර සිදුවූයේ චත්තිස්ගාර්හි රායිපූර් හි පිහිටි පෞද්ගලික වානේ කම්හලක වහලක් කඩා වැටීමෙන් කම්කරුවන් හය දෙනෙකු මියගොස් පැය කිහිපයකට අනතුරුව බව ද පවසයි.

CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න
