CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න

Report

මෙම සිදුවීම සිදුවූ 2012 වසරේ එම දිනයේදී වසීම් තාජුඩීන් එක්තරා සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසලට පැමිණ, තමන්ගේ මෝටර් රථය නවතා වතුර බෝතලයක් මිලදීගෙන නැවතත් මෝටර් රථයට පැමිණ ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සුළු මොහොතකට පෙර ඉන්ධන මිල පහත හෙලයි - නව මිල මෙන්න

සුළු මොහොතකට පෙර ඉන්ධන මිල පහත හෙලයි - නව මිල මෙන්න

එලෙස වසීම් තාජුඩීන් ගමන් කරන මෝටර් රථයට පිටුපසින් තවත් රථයක් ගමන් කර ඇති අතර, එම රථය අසල තවත් පුද්ගලයෙක් සිටින බවට නිරීක්ෂණය වුවද, එම පුද්ගලයා කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමට නොහැකිවී තිබූ බව සඳහන්. එවන් පසුබිමක් තුළ පසුගියදා ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මිද්දෙණියේදී 'කජ්ජා' නමැත්තා ඝාතනයට සෘජුව සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

එමෙන්ම, 'කජ්ජා' නමැත්තාගේ බිරිඳද ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිය ස්වාමිපුරුෂයාගේ ඝාතනයට බැකෝ සමන් නමැත්තාගේ සම්බන්ධයක් තිබූ බවට ප්‍රකාශ කර තිබෙනවා.

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

'කජ්ජා' නමැත්තාට මරණ තර්ජන විශාල වශයෙන් තිබූ බවත්, 2023 වර්ෂයේ එක්තරා කාලවකවානුවකදී YouTube නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකදී වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ප්‍රකාශ කර ඇති අතර, පොලීසිය මේ සම්බන්ධයෙන් 'කජ්ජා' නමැත්තාගේ බිරිඳගෙන් සිදුකළ විමසීමකදී ඇය සඳහන් කර ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් දන්නේ අදාළ YouTube නාලිකාවට ඔහු ප්‍රකාශ කළ කරුණු පමණක් බවයි.

පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹා යන මෝටර් රථයට ගොඩවන පුද්ගලයාගේ CCTV දර්ශන පෙන්වා ඇති අතර, එම දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව එහි සිටින පුද්ගලයාගේ හැඩහුරුකම් හා අංග ලක්ෂණ අනුව, එහි සිටින්නේ තම ස්වාමිපුරුෂයා බවට ඇය විසින් හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අදාළ CCTV දර්ශනවල සිටින පුද්ගලයා ඉනට අත් දෙක තබාගෙන සිටින අවස්ථාවක් තිබී ඇති අතර, 'කජ්ජා' නමැත්තාගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ සිය ස්වාමිපුරුෂයාට කොන්දේ අමාරුවක් තිබූ බවත්, ඒ හේතුවෙන් ඔහු බොහෝ අවස්ථාවලදී එම ඉරියව්වෙන් සිටින බවත්ය.

ඒ වගේම ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් හෝ විෂ දුමක් ආග්‍රහණයකින් සිදුවූවක් නොව ඔහුව දස වද දී ඝාතනය කර ඇති බව අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් සහතික කර තිබෙන බව වසීම් තාජුඩීන්ගේ මාමාවන ෆයාස් ලතීෆ් මහතා පවසනවා.

එසේ තිබිය දී වසර 13ක් තිස්සේ කිසිම අපරාධකරුවෙකුට දඬුවමක් නොලැබුන බව ෆයාස් ලතීෆ් මහතා පැවසුවා. ඒ ඊයේ(28) පැවති අපරාධ රාජ්‍යක් අසංශිප්ත පරිච්ඡේදයක් කෘතිය එළිදැක්විමේ අවස්ථාව සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පලකර සිටියා.

'එයා මගේ ලොකු අක්කගේ පුතා. 2012 මැයි මාසේ 17 වැනිදා ඉවර වෙලා පාන්දර වගේ කොළඹ ඉන්න මගේ සහෝදරයා දුරකතනයෙන් කතා කළා. එතකොට මම නිදි. මම ආන්සර් කළා. කිව්වා මල්ලියේ… වසීම්ගේ වාහනය ඇක්සිඩන්ට වෙලා. ඔයා එන්න කොළඹට කියලා.මගදි එනකොට අයියා කිව්වා වසීම් නැතිවෙලා කියලා. මම එහෙම්ම ඇවිල්ලා කෙළින්ම ගියෙ අනතුර සිද්ධ වෙච්චි ස්ථානයට. ඒ ඇක්සිඩන්ට් එක දැක්කම පුදුමයි එවැනි රිය අනතුරකින් මෙවැනි ජීවිතයක් නැති වෙනෙවද කියලා.පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. මට ඒක ප්‍රහේළිකාවක්. වාහනය ඇතුළෙ තමයි පුතාගේ මරණය තිබුණේ. මරණය තිබුණෙ රියදුරු අසුනේ නොවෙයි… අනික් පැත්තේ. මමත් මගේ යාලුවො දෙන්නෙකුත් තමයි වාහනේ දොර කඩලා මරණය අරන් මෘත ශරිරාගාරයට යැව්වේ.'