පිලිපීනයේ භූ කම්පනයෙන් 26ක් ජීවිතක්ෂයට 147ට තුවාල, සුන්බුන් අතර යටවුණ අය සොයා තවදුරටත් මෙහෙයුම්
By Kaushi
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනය නිසා පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙන බවයි.
එසේම මෙම භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.
භූමිකම්පනය නිසා විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය මඟින් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බව පවසා ඇත.
මෙම භූ කම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න ජනගහනයක් සිටින බව සඳහන්.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.
