දරුණු මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අපරාධ කල්ලි සාමාජික ටින්කර් මෙරටට රැගෙන එයි
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් හෙවත් 'ටින්කර්' අද(01) දින උදෑසන මෙරටට රැගෙනවිත් ඇත.
ඒ අනුව ඔහුව අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී තිබෙන බව වාර්තා වේ.
අඳාළ සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.
එසේම මොහු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු වශයෙන්ද හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න
අඳාළ සැකකරු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු වශයෙන් ක්‍රියා කර තිබෙනවා.
එමෙන්ම මොහු 2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය කර සිටි සැකකරුවෙක් බව සඳහන්.
මේ වන විට අඳාළ සැකකරුට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු අගෝස්තු 19 වන දින විදෙස් ගතවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී හෙළිව ඇත.
මේ අතර පොලීසිය සඳහන් කළේ සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව සඳහන්.
