නායයෑමට ලක්වූ රෝහල් 8ක් වෙනත් ස්ථානවලට
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම් හේතුවෙන් හානියට පත් රෝහල් 08 වෙනත් ස්ථානවල පිහිටුවීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබේ.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ මෙරට ආපදාවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩිනමින් නගා සිටුවීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව යි.
තවද මෙරට ආපදාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වූ හානිය රුපියල් මිලියන 21742 ක් වන බවද වැඩි දුරටත් එතුමා සදහන් කළේය.