නාත්තන්ඩියේ අතුරු මාර්ගයක ජීව අත් බෝම්බයක්
නාත්තන්ඩිය - දුන්කන්නාව, බක්මී ගස්වැව ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය, භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව මාරවිල පොලීසිය පවසයි.
අද (25) පෙරවරු 10.00 ට පමණ මෙම ජීව අත් බෝම්බය දැක ඇති ප්‍රදේශවාසියෙකු විසින් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී පොලීසියට දැනුම් දී තිබේ.
නාන්නන්ඩිය – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට යාබදව ඇති අතුරු මාර්ගයක් ආසන්නයේ තිබී මෙම අත් බෝම්බය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සැක කරන්නේ පසුගිය දිනවල ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ජලය ගලා යාම නිසා, කලකට පෙර පොළව යට වළ දමා තිබූ මෙම බෝම්බය සේදී මතුපිටට පැමිණ ඇති බවයි.
මෙම ජීව අත් බෝම්බය පොලිස් ආරක්ෂාව යටතේ විනාශ කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කටයුතු කරමින් පවතින අතර, මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.