රටම බලන් සිටි වෙසක් අනිද්දා සිට - බදාදා සවස 2 ට ඇරඹෙයි

Report

රාජ්‍ය වෙසක් උත්සවය තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී බදාදා (27) දින පස්වරු 2ට ඇරඹීමට නියමිතව ඇත. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම “අභිත්ථරේථ කල්‍යාණේ” තේමාවෙන් බදාදා සිට ජුනි 1 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණ ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍ය පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන්.

එසේම “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍ය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වීමට නියමිතයි.

වෙසක් බලන්න යන්න කලින් මේක කියවන්න - පොලිසියෙන් මහජනතාවට හදිසි නිවේදනයක්

වෙසක් බලන්න යන්න කලින් මේක කියවන්න - පොලිසියෙන් මහජනතාවට හදිසි නිවේදනයක්

ඊට අමතරව ප්‍රතිපත්ති පූජා කලාපයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කර ඇති බව සඳහන්.

තවද කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පහන් කූඩු තරඟය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විත වේ.

ආයේ බැංකු ණයක් අරන් වාහන ගන්න බැරිවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණයට නීතියක්

ආයේ බැංකු ණයක් අරන් වාහන ගන්න බැරිවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණයට නීතියක්

එසේම AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මඟින් ජාතක කථා ඉදිරිපත් කිරීම, එල්.ඊ.ඩී තිර ප්‍රදර්ශන මඟින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මැයි 30 දිනට යෙදෙන වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා සහ ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ජූනි 1 දින රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරයි.   

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න