ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා කෙරෙන සත්යග්රහය අද 7 වන දිනටත්
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය අද (22) සත්වන දිනටත් පැවැත්වේ
පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කරන ලදි අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වුණි .
සත්යග්රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවයි .
පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත වුණි.
අනතුරුව එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක් විහාර මහා දේවි උද්යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කර ඇත.