යතුරුපැදිකරුවන්ට නරක ආරංචියක් - රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක්
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ වර්තමානයේ මාර්ග අනතුරුවලින් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ යතුරුපැදිවලින් බවයි. එම සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කළේ, නිසි ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැස්මක් පැළඳීමෙන් අනතුරුවලදී සිදුවන හානිය අවම කරගත හැකි බවය.
එමෙන්ම ජනවාරි 01 වනදා සිට ජූලි 31 වනදා දක්වා කාලය තුළ අනතුරු 1,626ක් වාර්තා වී ඇති බව එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසිය.
මැගසින් බන්ධනාගාරයේ මියගිය රැඳවියා මෙන්න - ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක් = මියගියේ නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි
මනෝජ් රණගල මහතා වැඩිදුරටත් පැවසුවේ එය 2025 වර්ෂයේ අදාළ කාලය තුළ වාර්තා වූ 1,585ක අගයට වඩා වැඩි අගයක් ගන්නා බවත් මෙම කාලසීමාව තුළ යතුරුපැදිකරුවන් 749දෙනෙකු මියගොස් ඇති බවත්ය.
ඔහු රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තමන්ගේ සහ අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් යතුරුපැදි සහ පසුපැදි ධාවකයන් නිරන්තරයෙන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසය.
එහිදී අදහස් දැක්වූ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා,
"අද මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවෙන්නේ යතුරුපැදි සම්බන්ධයෙන්, වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවෙන්නේ යතුරුපැදිවලින්. අවුරුද්දකට 2500ක් 2700ක් විතර මරණ සිද්ධ වෙනකොට, මෙයින් 1000ක් විතර ආසන්න ප්‍රමාණයක් සිදුවෙන්නේ යතුරුපැදි මරණ. එම නිසා අපි මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒකෙ එක අංගයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස්වැසුමක් පළඳියි කියලා. මොකද ආරක්ෂිත හිස්වැසුමක් එහෙම නැත්නම් හෙල්මට් එකක් පැළඳීම ඉතාම වැදගත්. මාර්ග අනතුරුවලින් සිදුවෙන ගොඩක් මරණවලට හේතුව හැටියට දකින්න ලැබෙන්නේ Head injuries එහෙම නැත්නම් හිසට සිදුවුණු මාරාන්තික අනතුරු තමයි. එම නිසා අපි හිතනවා මේ ආරක්ෂිත හිස්වැසුමක් පැළඳීම ඉතාම වැදගත් දෙයක් කියලා. ඒ නිසා මේ සඳහා අපි මේ වෙලාවේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජාත්‍යන්තර ප්‍රමිතිය ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එකතුවෙලා මේ සඳහා දිවයින පුරාම ආවරණය වන පරිදි විධිමත් වැඩපිළිවෙලක් කරමින් පවතිනවා. හොඳට මතක තියාගන්න මේ ආරක්ෂිත හිස්වැසුමක් කියන්නේ SLS ලාංඡනය සහිත හිස්වැසුමක් වෙන්න ඕන."