70 ට වැඩි අයට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව දෙන දිනය නිවේදනය කරයි
By Wasantha
කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම හෙට ආරම්භ වනවා.
කොළඹ මහ නගර සභාව සඳහන් කලේ අදාළ දිනය – වේලාව සහ ස්ථානය ඇතුළත් ජංගම දුරකථන කෙටි පණිවිඩයක් අදාළ පුද්ගලයන්ට යොමු කිරීමට නියමිතව ඇති බවයි.
එම පණිවිඩය නොලද කිසිවෙකුටත් එන්නතේ දෙවන මාත්‍රාවක් ලබා නොදෙන බවද කොළඹ මහ නගර සභාව සඳහන් කලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |