සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්
By Ashfa
අද (1) පෙරවරුවේ ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කර ඇත.
දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇති බව තොරතුරු වාර්තා වේ.
මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැත.