උපාධිය ගන්න වසර 54 සරසවි ගිය සිසුවා.

Guinness World Records World Education
By Wayomi May 27, 2023 05:08 PM GMT
Wayomi

Wayomi

Report

වසර 54 ක් වැය කරමින් තම උපාධිය සම්පූර්ණ කළ සිසුවකු පිළිබඳ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙනවා.

ඔහු ආතර් රෝස් නම් වන අතර මේ වන විට ඔහුට වයස අවුරුදු 71ක්.

මෙම සිසුවා තම කලා උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 කාලයක් වැය කර ඇති අතර විශ්ව විද්‍යාල උපාධියක් සම්පූර්ණ කිරීමට වැය කළ වැඩිම කාලය පිළිබඳ ලෝක වාර්තාවටද ආතර් රෝස් හිමිකම් කියනවා.

මොහු 1969 වසරේදී බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිය ලබා ගැනීමට ඇතුලත් වී අතර දෙවැනි වසරේදී නාට්‍ය හා රංග කලාව විෂයට මාරු වී ඇත.

නාට්‍ය හා රංග කලාව විෂය වැඩි දුර හැදෑරීම සඳහා රංගන පාසලකට ඇතුලත් වී රංගන ජීවිතය හඹා ගොස් රංගනයෙන් හෙම්බත් වූ පසු ටොරොන්ටෝ නීති විද්‍යාලයට ඇතුලත් වී ඇති අතර නීති උපාධිය ලබා ගැනීමෙන් පසුව වසර 35 ක් නීතිඥවරයකු ලෙස සේවය කර තිබෙනවා.

අනතුරුව ඔහුගේ උපාධිය සම්පුර්ණ කිරීම සඳහා නව ශිෂ්‍ය අංකයක් ලබා ගෙන 2017 වසරේදී අර්ධ කාලීන සිසුවකු ලෙස බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ඇති බවයි වාර්තා වන්නේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW