සුරේෂ් සලේ ගැන අධිකරණයෙන් හදිසි නියෝගයක්
රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වදහිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදෙමින් සඳහන් කළේ, අදාල වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසයි.
එම වෛද්‍ය මණ්ඩලය විසින් සකස් කරන වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.