ආසාදිතයින් විශාල පිරිසක් හමු වූවත් තවමත් හුදකලා කර නොමැති ප්‍රදේශය ?

covid19 isolated millaniya nichchatal udaya rathnayaka
By Sewvandhi Jul 23, 2021 09:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ නිව්චැටල් වතුයායේ ග්‍රාමසේවා වසම් දෙකකින් කොවිඩ් ආසාදිතයන් 49 දෙනකු හමු වීමත් සමග එම ග්‍රාමසේවා වසම් දෙකට අයත් මිල්ලනිය කොටස හුදකලා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පවසනවා.

645 බී දෙල්දොරවත්ත සහ 652 ඒ බොරලැස්ස ග්‍රාමසේවා වසම් දෙකට අයත් නිව්චැටල් වතුයායේ මිල්ලනිය කොටස තුළ පසුගිය දින කිහිපය තුළ කොවිඩ් ආසාදිතන්ගේ ඉහළ යෑමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මිල්ලනිය කොටසට අයත් නිවාස 50 ක පදිංචි පුද්ගලයන් 250 ක් අතරින් අහඹු ලෙස තෝරාත් පුද්ගලයන් 123 දෙනකුට PCR පරීක්ෂණ සිදු කෙරුණ අතර එයින් 40 දෙනකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා.

නිව්චැටල් වතුයායේ පදිංචිකරුවන් නිසි සෞඛය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බවත්, අවම වශයෙන් මුඛ ආවරණයවත් නොපළඳින බවත්, විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙම වත්තට පැමිණෙන බවත් මෙහි පදිංචිකරුවන් වෙනත් ප්‍රදේශවල ගමන් බිමන් යාමත් හේතුකොටගෙන මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශය මත කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක මහතා වෙත දැනුම්දීමට පියවර ගත් බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා එම ඉල්ලීම අදාළ අංශවලට යොමුකර ඇති බවත් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now