පොසොන් සමයේ ප්‍රවාහනය සඳහා අතිරේක බස්රථ 400ක් සේවයට...

Report

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටිනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසුවේ, ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ය.

සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු මදුරු කීට ඝණත්වය...

සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු මදුරු කීට ඝණත්වය...

https://www.aruna.lk/articles/yZMNDIH9fakOE19gNFQp

එහි දී බස්රථ 400කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන අතර ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ලබා ගැනීමට නියමිත ය.

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟහැරීම සඳහා මීට පෙර වර්ෂවල දී ය.

පැවති පොසොන් මංගල්‍යය සඳහා යෙද වූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් මෙවර ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.