ළදරු මරණ වලට හේතූන් ගැන කණගාටුදායක හෙළිදරව්වක්

Report

ශ්‍රී ලංකාව තුළ වසරකට අබාධ සහිත දරුවන් 4000 ත් 5000ත් අතර පිරිසක් උපත ලබන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ගයනි ගුණවර්ධන මහත්මිය සදහන් කර තිබේ.

2024 වසරේ උපත් ආබාධ සහිත ළමා මරණවලට ප්‍රධාන හේතුව හෘදය හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ආබාධ බව   එතුමිය  පෙන්වා දී ඇත.

මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ගයනි ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කරනුයේ මෙවන් අදහසක්

''  බරපතල උපත් ආබාධ සහිත ළදරු මරණ   650 ක් පමණ සිද්ධ වෙනවා.  බරපතල උපත් ආබාධ තත්ව නිසා සමහර වෙලාවට හෘදයේ තියන දුර්වලතා හේතුවෙන් මොලේ කොටස් වල දුර්වලතා නිසා 650ක් පමණ දරුවො ජීවිතය හැර යනවා 1 වෙනි උපන්දිනය සමරන්නත් කලින් .ලෝකයේ වෙනත් රටවල මරණ වලට ගොඩක් හේතු වෙනවා විෂ බී ජ යාම පාචනය මැලේරියාව ඒ වගේ රෝග ආදිය නමුත් අපි ඒවා සමනය කරලා තියෙන්නේ. 2020 -2024 වනතුරු ගත්තත් ළදරු මරණ වලට හේතුව 40. 1 % ක් වෙලා තියෙන්නේ උපත් ආබාධ තත්වයන් .

මේ සදහා හේතු විදිහට ජානමය හේතු පාරිසරික හේතු තියෙන්න පුළුවන්. සමහර ආබාධ හොදටම හොද කරලා ඒ දරුවන්ට ගුණාත්මක ජීවිතයක් ගත කරන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන් 

2024 ගත්තොත් හෘදය හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු තමයි  ගොඩක් වෙලාවට  මරණ වලට හේතු වෙලා තියෙන්නේ.  ''

මැදපෙරදිග යුධමය තත්වය හේතුවෙන් අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන්වාර - අලුත්ම ආරංචිය මෙන්න

මැදපෙරදිග යුධමය තත්වය හේතුවෙන් අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන්වාර - අලුත්ම ආරංචිය මෙන්න

දරුණු ඉරාන යුද්ධයෙන් මියගිය පස්වන සහ හයවන අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනාත් හඳුනාගනී

දරුණු ඉරාන යුද්ධයෙන් මියගිය පස්වන සහ හයවන අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනාත් හඳුනාගනී